රටක ජනගහනයෙන් ළම‍ා සහ වැඩිහිටි ප්‍රජාව සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි.ළමයින් යනු රටක අනාගතයයි, වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටුවහලක් වී ජිවිතයේ සැදෑ සමය ගත කරන පිරිසයි. මෙම කොට්ඨාශ දෙකම රටකට සම්පතකි. අද දිනය ඔවුන් වෙනුවෙන් වෙන් වී ඇති දිනයයි.

ළමා අයිතින් සුරකීම සදහා ප්‍රමුඛතාවය දීම යුතුකමක්‍ ලෙස සලකමින් සියලු රටවල් ලෝක ලමා දිනය එසේ නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. ලෝකය පුරාම ලෙ‍ා්ක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවේ 1959 ඔක්තෝම්බර් 01 වැනිදායි. එතැන් සිට එක් එක් රටවල් වර්ශයේ තමන්ට අවේනික වූ විවිධ දිනයන් වලදී ළමා දිනය සමරනු ලබයි. අප රටේ ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් පලමුවැනිදායි. ලෝක වැඩිහිටි දිනය ද එදිනටම යෙදි තිබේ.එහෙත් අප කොතෙකුත් ළමුන් හා වැඩිහිටිියන් පිලිබද කතා කලද කිිසි පිළිසරණක් නොමැති අසරණවූ ළමුන් සහ වැඩිහිටියන් ලෝකයේ ‍බොහෙ‍ා තැන් වල වෙසෙනු ලබයි. ළමා සහ වැඩිහිටි අයිතින් සුරකිමින් අප රටේ ද වර්ථම‍ානය වන විට ළමුන් සහ වැඩිහිටි ප්‍රජාවගේ සුබසාධනය උදෙසා විශාල පියවර රාශියක් ගෙන එමට හැකිවීම සතුට ගෙනදෙන කාරණාවකි.මා ද දකුණේ ප්‍රධාන අමාත්‍ය ධූර දරණ කාල සිමාවේදී ළමුන් හා වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කරගනිමින් ඔවුන් වෙනුවෙන්ම ඔවුන්ගේ සුබසාධනය උදෙසා විශාල වැඩසටහන් රාශියක් ක්‍රියත්මක කිරිමට හැකි වීම මාගේ සිත තුල සතුට ඇති කරවන කාරණාවකි.එම වැඩසටහන් අතර දකුණේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරණ ලද දක්ෂිණ සිගිතිසර, දක්ෂිණ හෝඩිපොත, පෝෂණ උදාන වැඩසටහන් දක්ෂිණ නැන ප්‍රදීප හා අඩු ආදායම් සහිත පවුල්වල දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව අධ්‍යාපනයට අවශ්‍ය පොත් පත් ලබා දීම එ අතරින් කිපයකි.එමෙන්ම වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් නෙත් පහන් වැඩසටහන්, වැඩිහිටියන් සදහාම වෙන් වූ බක් මහ ‍උළෙලවල්, වෛද්‍ය සායන ආයුර්වේද වැඩසටහන් මෙන්ම ඔවුන්ගේ ජිවිතයට පිළිසරණක් වීමට ක්‍රියාත්මක කල රෝග ආධාර වැනි ආධාර වැඩසටහන් එ අතරින් කිපයකි. එ සියල්ල ක්‍රියාත්ම කරනු ලැබුවේ ඔවුන්ගේ සුබසාධනය උදෙසාය. එම වැඩසටහන් තුලින් ඔවුන් හට යම් හෝ ප්‍රථිලාභයක් ලබා දීමට හැකි වීම පිළිබදව මා අතිශයින් සතුටට පත්වෙමි.අද ඔක්තෝම්බර් 01 වැනිදා ඔවුන්ගේ දිනයයි, අනාගතය භාර ගැනිම සදහා පිපෙන්නට වෙර දරණ පුංචි මල් කැකුළු වලටත් දරුවන්ගේ ලෝකය ගොඩ නැගීමට තම දහඩිය ශ්‍රමය වැයකොට ජීවිතයේ සැදෑ සමය ගෙවනා වැඩිහිට් සැමටත් තම යහපත් ප්‍රර්ථනා ඉටු කර ගැනීමට අවශ්‍ය වූ ශක්තිය ධෛර්ය වාසනාව මෙන්ම නිරෝගී සම්පත්තිය ලැබේවායි අදට යෙදි ඇති ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනයේදී හෘදයාන්ගමව ප්‍රර්ථනා කරමිෂාන් විජයලාල් ද සිල්වා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි.