යුග දිවියට පත්වන ඕනෑම කාන්තාවකට මැතිනිය යනුවෙන් අමතන්නට කිසිවෙකුට කිසිදු බධාවක් නොමැත. එහෙත් මැතිනිය යන වචනය කියු විගසම අප සැමගේ මතකයට නිතැතින්ම සිහි ගැන්වන්නේ සිරිමාවෝ මැතිනියයි.

උඩරට රදළ පවුලක ඉපිද විවාහයේදී එවැනිම රදළ පවුලක් සමග සම්බන්ධ වුවද එතුමිය සැමදා ක්‍රියාකළේ පොදු ජනතා යහපත වෙනුවෙනි. තරුණ වියේදීම මහිලා සමිති ව්‍යාපාරය තුලින් සමාජ සේවය ආරම්භ කල එතුමිය තෙවරක්ම තම මව්බිමේ අග්‍රාමත්‍යවරිය ලෙස සමස්ථ රටටම නායකත්වය දෙන්නට වාසනාවන්ත වූවාය.තම රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ අනුගමනය කල නොබැදි විදේශ ප්‍රතිපත්තිය නිසාත් ලෝක නායකයින් සමග තිබු දැඩි සමීප මිත්‍රත්වයත් නිසාම අප මව්බිමට උරුම වූ ප්‍රතිලාභ බොහෝය. කීප වතාවකදීම විශ්වවිද්‍යාල ගනනාවක් සම්මාණනීය ගෞරව උපාධි පිරිනමන්නට කල ආරාධනාවන් මැතිනිය නිහතමානීව ප්‍රතික්ෂේප කලත් පොදු ජනතා විශ්වවිද්‍යාලය තුල ඉහලම සම්මානයෙන් බුහුමන් ලබන්නට ඇය සමත් වුවාය.ලෝකයේ සිටින මා වැඩියෙන්ම ගරුකරන, ආදරය කරන පුද්ගලයා කවුරුන්ද යන්න කෙනෙකු ම‍ගෙන් විමසු‍වොත් දෙවරක් නොසිතා එක එල්ලේ මම ලබාදෙන පිළිතුර වනුයේ, ඒ මා මෙලොවට බිහිකල මාගේ අම්මා බවය.සිරිමාවෝ මැතිනිය මට දෙවැනි වන්නේ මාගේ ආදරණීය මව්තුමියට පමණි.

ෂාන් විජයලාල් ද සිල්වා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි,

ශ්‍රි.ල.නි.ප උප සභාපති,