මොරගොල්ල හා බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘති ද්විත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, එහි ඉදිරි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධව ඊට අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ රැස්වීමක් අද දින මාගේ ප්‍රධානත්වයෙන් සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

එම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට බලපා ඇති ගැටළු මොනවාද යන්න හඳුනා ගනිමින්, එම බාධා මගහැර කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කිරීම මෙහි දී සිදු කළෙමි.එමෙන්ම ව්‍යාපෘති සඳහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ ගෙන්වීම කොවිඩ් – 19 වසංගතය හමුවේ ප්‍රමාද වී ඇති පසුබිමක අදාළ උපකරණ හා භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිදු කරන ප්‍රමිති පරීක්ෂාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සුදුසු අයුරින් කඩිනමින් සිදු කරන ලෙසින් ද මා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුනි .

මේ අවස්ථාව සඳහා සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු, ලං.වි.ම සාමාන්‍ය අධිකාරී එම්. ආර්. රණතුංග, ලං.වි.ම ව්‍යාපෘති ඉන්ජිනේරු එන්.එස්.එම්. ඒ්කනායක, ලං.වි.ම ව්‍යාපෘති කළමනාකාර ඒ.එස්.ටී. තිලකරත්න, ඉඩම් කොමසාරිස් ජෙනරාල් ජී.ඩී කීර්ති ගමගේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු එස්.වී.එස්.ආර්. සිරිවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය පාලක – පුපුරන ද්‍රව්‍ය වී.ටී තිලකරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.