කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේවනවිට ශ්‍රී ලංකාවේ සෑම රෝහලකම වාගේ දැඩි ලේ හිඟයක් පවතින බව රහසක් නොවේ. ලේ බිඳක් දන්දී ජීවිතයක් බේරා ගැනීමේ උතුම් පිංකමට සම්බන්ධවීමේ අවස්ථාවද මේ නිසා දැන් ඔබට උදාවී ඇත. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහන් මාලාව හරහාය.මේ උතුම් පිංකම් මාලාව මේ වනවිට දිවයින පුරා අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙයි.ජාති, ආගම්, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු දෙනාගේ සහයෝගයද ඒ සඳහා හිමිවෙමින් පවතියි.එසේම ලේ දන්දීම සඳහා එක්වන පරිත්‍යාගශීලීන්ගේ ගණනද දවසින් දවස වැඩිවෙමින් පවතියි.
සැප්තැම්බර් 19 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ආසනයේ පුවක්පිටිය, කිරිවන්දල පිරිවෙන් විහාරස්ථානයේදී තවත් ලේ දන් දීමේ වැඩසටහනක් සාර්ථක ලෙස නිමාවට පත් විය.
ලේ දන් දීම සඳහා සහභාගීවූ සියලු දෙනාටම ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් සහතිකයක්ද පිරිනමනු ලැබීය. කොළඹ දිස්ත්‍රික්කය පුරා ආසන සංවිධායකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙවැනි වැඩසටහන් 19ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අද දින එහි දොළොස්වන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.
ඉතා සාර්ථක ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව අවිස්සාවේල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක,හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුමිත් විජයමුණි සොයිසා මැතිතුමා,සීතාවකපුර නාගරික මන්ත්‍රී අජිත් විජයමුණි සොයිසා මැතිතුමා,මංජුලා සමරනායක මහත්මිය, එම්.එස් සෙල්වරාජ් මහතා ඇතුළු අවිස්සාවේල්ල ශ්‍රී. ල.නි.ප. ආසන බල මණ්ඩලය වෙත ස්තූතිය පුද කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගමි. ලේ පරිත්‍යාග කළ ආදරණීය ජනතාවටත්, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි.