මෙවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ 04 වන ආසියා පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගි වීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගිය ඔක්තෝම්බර් මස 02 වනදා දිවයිනෙන් පිටත්ව ගියහ.

එහිදී ඔක්තෝබර් මස 06 හා 07 යන දෙදින තුළ දකුණු කොරියානු ජනරජයේ Suwon City හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ හතරවන ආසියා පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගි වීමට නියමිත අතර ඔක්තෝබර් මස 05 වන දින ගෝලීය කාබන් විමෝචනය පාලනය කිරීම හා සංවර්ධනය සඳහා අන්තර් ජාතික සහයෝගිතාවය මෙන්ම කොරියානු ජනරජයේ විදේශ ආධාර ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ සාකච්ඡාවකට ද අමාත්‍යවරයාත් ලේකම්වරයාත් සහභාගි වීමට කටයුතු යොදා ඇත.ඔක්තෝබර් 07වන දින පැවැත්වෙන පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට රටවල් 47ක අමාත්‍යවරුන් සහභාගි වේ. එහිදී අප රටේ න්‍යාය පත්‍රය වන්නේ ආසියා පැසිපික් කලාපයේ තිරසාර සංවර්ධනය උදෙසා පාරිසරික ක්‍රියාකාරිත්වය යන්නයි.