මෙවර නත්තලට නව අරුතක් එක් කරමු…..!!!

* නොදන්නා කෙනෙකුගේ මුවට සිනහවක් එක් කරමු.

* තමන්ව කෙතරම් කෝප ගැන්වුවද , ඒ අයට ඉවසීමෙන් හා කරුණාවෙන් ප්‍රතිචාර දක්වමු.

* කිසිදා ඔබෙන් සමාව නොගන්නා අයෙකුට වුවද හදවතින්ම සමාව දෙමු.

* කිසිවක් බලාපොරොත්තු නොවී තවත් කෙනෙකු වෙනුවෙන් අපගේ කාලය කැපකරමු.

* තමන්ගේ කුසගින්න ගැන මෙන්ම අසල්වැසියාගේ කුසගින්න පිළිබඳවත් නිරතුරු සොයා බලමු.

* තමන් ගැන දක්වන ආදරය , උනන්දුව මුළු මහත් සමාජය වෙතම දක්වමු.

* ජේසුස් වහන්සේගේ දහමෙන් පෝෂණය වූ සමාව දීම , මනුෂ්‍යත්වය , ආදරය ආදී වූ උතුම් ගුණාංගයන්ගෙන් සපිරි ශුභාරංචිය මුළු මහත් ලෝකයා වෙතම බෙදා හරිමු.