මෙරටේ ජීවත්වන සෑම ජාතියකම, සෑම ආගමකම, සෑම ජන කොට්ඨාසයකම හැගීම්, දැනීම් තේරුම්ගත් සංවේදී දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට තමන්ගේ යුතුකම් හා වගකීම් අකුරක් නෑර ඉටුකරමින් සිටියි.

මුළු ලොවම වෙලාගත් කොරෝනා වෛරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේද සෞඛ්‍ය පද්දතිය බිඳ වැටී ඇති මොහොතක , අසරණ මිනිස් ජීවිත බේරාගැනීම සදහා “ලේ බිඳක” ඇති වටිනාකම අපි හොඳ හැටි තේරුම් ගත්තෙමු. රෝහල් බොහෙමයක පවතින උග්‍ර ලේ හිඟයට පිළියමක් වශයෙනුත්,සෞඛ්‍ය අංශයේ දැඩි ඉල්ලීම නිසාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව අපි උතුම් පිංකමක් සංවිධානය කළෙමු. එසේ දියත් කරන ලද ලේ දන් දීමේ වැඩසටහන් මාලාව කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සියල්ල ආවරණය වන පරිදි වැඩසටහන් 18ක් ලෙස අපි ඉතා සාර්ථකව ක්‍රියාවට නැංවුවෙමු. එබඳු ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කිරීමෙන් ලේ පයින්ට් 2000කට අධික ප්‍රමාණයක් රෝගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලබාදීමටද අපි සමත් වූයෙමු. ලේ බිඳක් දන්දී තවත් මිනිස් ජීවිතයක් බේරා ගැනීමට එක්වූ සියලුම රුධිර පරිත්‍යාගශීලීන්ට මේ මොහොතේ මම මගේ හෟදයාංගම කෘතවේදීත්වය පුදකර සිටිමි.එමෙන්ම ඉතා අසීරු කාලසීමාවක වුවද මෙම කටයුත්ත සංවිධානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ශක්තිය ලබා දුන් ගෞරවනීය මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු,දිස්ත්‍රික් සංවිධායකවරු,පළාත් පාලන මන්ත්‍රීවරු, අනුබද්ධ සංවිධාන නියෝජිතයන්, දිස්ත්‍රික් සහ ආසන බල මණ්ඩල සමාජිකයන් ඇතුළු සෑම දෙනාටමත්, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය නියෝජනය කරමින් අපගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ඉතා වෙහෙසකර කාර්යක නිරතවූ සියලුම සෞඛ්‍ය සේවා නිලධාරීන්ටද මාගේ ගෞරවනීය ස්තූතිය මෙසේ පුද කර සිටිමි. මේ උතුම් පිංකමට සහභාගීවූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයද ,චිර ජීවනයද ප්‍රාර්ථනා කරමි.🙏