මුතුරාජවෙල තෙත් අභයභූමියේ සිදුවන නීතිවිරෝදි ඉදිකිරීම් හා අත්පත් කරගැනීම් සම්බන්ධව සාකච්ඡාවක්

මුතුරාජවෙල තෙත් අභයභූමියේ සිදුවන නීතිවිරෝදි ඉදිකිරීම් හා අත්පත් කරගැනීම් සම්බන්ධව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග සාකච්ඡාවක් කාදිනල් නිලනිවසේදී පැවැත්වුනි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර මුතුරාජවෙල ආරක්ෂා කර ගැනීම සදහා නීතිමය වශයෙන් ගතහැකි සියලු පියවර මේ වනවිටත් ගනිමින් සිටින බවයි. මුතුරාජවෙල සිදුකර තිබෙන විනාශය හා ගතයුතු පියවර සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කිරීමට අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *