“මිහිකතට කන්දෙමු” භූ කම්පන සහ භූ සම්පත් පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.03.13 දින අම්බලන්තොට කමත උත්සව ශාලාවේදී පැවැත්විණි.

පරිසර අමාත්‍යංශයත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයත් එක්ව මෙය සංවිධානය කෙරිණි.මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශකර සිටියේ “මේ හම්බන්තොට මාධ්‍යවේදීන් පරිසරයට ආදරය කරන පිරිසක් ඒ පරිසරය රැක ගන්න ගිහින් තර්ජනද ඔවුන්ට එල්ල වෙලත් තියෙනවා.මං ඒ මාධ්‍යවේදීන් භය නැතිව වාර්තා කටයුතු සිදු කරන්න.හරි දේ වෙනුවෙන් පෙනි සිටින්න.එසේ පෙනි සිටිමේදී යම් අපහසුතා සිදු වෙනවා නම් ඒ මාධ්‍ය වේදීන් වෙනුවෙන් තමා පෙනී සිටින බවය. දැනටත් සීයට පනහකට වඩා වැඩි බොහෝ දේවල් පෙන්නා දෙන්නෙත් මේ මාධ්‍යවේදීන්ය. මේ අය බොහෝ දුෂ්කරතා මැද අමාරු තැන්වලට ගොස් වාර්තා කිරිම් සිදු කරන බවයි.එය රැකියාවකට එහා ගිය යුතුකමක් මාධ්‍ය වේදීන් රටට ණය නැති පුද්ගලයන් පිරිසක් තමන් ඉපදුනු පලාතට ප්‍රදේශයට රටට ණය නැති පුද්ගලයතකු ලෙස එය නොබියව ඉටු කරන” ලෙස ඉල්ලා සිටියේය.මෙම අවස්ථාව සදහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජනද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සහභාගි විය.