ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් නිෂ්පාදනය ඉතා අනර්ඝ සහ උසස් තත්ත්වයකින් පැවතියද දේශීය වශයෙන් නිපදවන මෙම ඇඟලුම් නිෂ්පාදනයන් විදේශ රටවලට ද ආනයනය සඳහා යොදා ගනී.
මෙම ඇඟලුම් නිෂ්පාදනයන් සඳහා දායක වන මෙරට ටේලර් වරුන් විශාල පිරිසක් සිටින නමුත් අද වනතුරු ඔවුන්ට නිවැරදි නියාමනයක් සහිතව ඔවුන්ගේ හැකියාවන් දියුණු කර ගැනීමට අවස්ථාවක් හිමිවී නොමැත.
නමුත් මේ වන විට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වය මත “ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය” (SLITA) විසින් ජාත්‍යන්තරව පිළිගත් ” ශ්‍රී ලංකා මාස්ටර් ටේලර් සංගමය” හා එක්ව එම සංගමයේ ලියාපදිංචි ශ්‍රී ලාංකික ටේලර් වරුන් තරගකාරී වෙළෙඳපොළට නොබියව මුහුණ දිය හැකි සාර්ථක ව්‍යවසායකයකු බවට පත් කිරීමට අවශ්‍ය සියලු දෑ සම්පාදනය කොට ඇත.
SLITA ආයතනය මගින් ශ්‍රී ලාංකික ටේලර් වරුන්ට ජාත්‍යන්තර ප්‍රමිතියක් සහිත ඇඳුම් නිර්මාණය කිරීම, නිවැරදි කළමනාකරණයක් සහිතව නවීන තාක්ෂණික උපකරණ භාවිත කරන ආකාරය හා ඒ හා සම්බන්ධ තාක්ෂණික දැනුම සමගින් ඉතා උසස් මට්ටමේ පුහුණුවක් සහිත දක්ෂ ටේලර්වරයකු බිහි කිරීම සඳහා වෘත්තීය දැනුම ලබාදීම මෙන්ම ඒ සදහා අවශ්‍ය පුහුණු පාසලක් ආරම්භ කරමින් “ශ්‍රී ලංකා මාස්ටර් ටේලර් සංගමයෙහි” ලියාපදිංචි මෙරට ටේලර් වරුන්ට පමණක් ( NVQ level 04 ) මට්ටමේ සහතික පත්‍රයක් ලබා දීමටත් සියලු කටයුතු සූදානම් කර අවසන් ය.තවද මෙම ක්ෂේත්රය කෙරෙහි උණන්දුවක් දක්වන හා මෙම ක්ෂේත්රයෙහි නියැලෙන ඔබට “ශ්‍රී ලංකා මාස්ටර් ටේලර් සංගමයෙහි” ලියාපදිංචි වන ලෙසද ආරාධනා කරමු.
මේ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් 2021.02.19 දින බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති අතර මේ සදහා බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්,මාස්ටර් ටේලර් සංගමයේ සභාපති චාන්දන විජේසේකර මහතා ප්රමුඛ නිලධාරි මණ්ඩලය හා ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයෙහි (SLITA) අධ්යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු මහතා, පුහුණු හා තාක්ෂණික අධ්යක්ෂ ඉලංගෝවන් මහතා සහ ජේෂ්ඨ තාක්ෂණවේදී රසිකා අභයවර්ධන මහත්මිය ප්රමුඛ පිරිසක් සහභාගී විය.