මා අද(28) දින හාලිඇල පිහිටි විදේශ සේවා කාර්යාංශයේ කාර්යාලය හා පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණ එම කාර්යාලය මඟින් සිදුවන කටයුතු පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් කරන ලදී.

කොව්ඩ් වසංගතය නිසා ජපන් හා ඊශ්‍රයල් රටවල් සඳහා ශ්‍රමිකයන් යැවීමට කරන ලද පුහුණු පාඨමාලා යම් ආකාරයකින් අඩපණ වී තිබුණ ද, දැන් කොවිඩ් වසංගතය බොහෝදුරට පහවී යන ලකුණු දක්නට ලැබෙන හෙයින් ඉතා ඉක්මනින් එකී පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස පාලනාධිකාරියට උපදෙස් දුන්නේය.දැනටමත් මෙම පුහුණුවීමේ මධ්‍යස්ථානයතුල භාෂා පුහුණුව ලබා සමත් වී ඇති රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා ඔවුන් ජපන් හා ඊශ්‍රයලය යන රටවල රැකියා අවස්ථාවලට යොමුකිරීමට අවශ්‍ය උපදෙස් ඔවුන් වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා අවධාරණය කලේය.දැනට ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට අනුයුක්තව සිටින අදාල නිලධාරින් මගින් විදේශ රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දී භාෂා ප්‍රගුණත්වය හා තාක්ෂණික ඥානය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වහා කළ යුතු බව එතුමා පැවසීය.විදේශ රටවල සේවය කර මෙරටට පැමිණි ශ්‍රමිකයන් 15,000කට අධික පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ජීවත්වන බව පෙන්වා දුන් අතර ඔවුන්ට රැකියා හා ව්‍යාපාරික අවස්ථාවන් ශ්‍රී ලංකාව තුළ ලබා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම් ඉටුකර දෙන ලෙසත් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන හා පවුල්වල සුභසාධනය සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දීමට පියවර ගන්නා ලෙසත් දන්වා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා හාලිඇල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජේය්‍යෂ්ඨ කළමනාකරු ආර්.ඒ.සුදත් චාමින්ද ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි විය.