මාස 3කට පසු රුසියානු Aeroflot ගුවන් සේවය නැවතත් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව රුසියානු ජනාධිපතිතුමන් ඇතුළු රුසියානු බලධාරින්ට ස්තූතිවන්ත වෙමි.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථිකමය ගැටළුකාරී තත්වය තුළ රුසියානු Aeroflot ගුවන් ගමන් නවතා දැමීම මෙරට ආර්ථිකය තවත් පහළට වැටෙනු ඇති බව මා දුටු නිසා පක්ෂ බේද පසෙකලා එම අවස්ථාවේ දී මා මේ ගැටළුව නිරාකරණය කිරිම සදහා මැදිහත් විය.

රුසියානු ජනාධිපතිතුමන්ට මා ලිපියක්ද යොමු කරමින් මේ පිළිබඳව කරුණු දැක්වු අතර ඉන් පසුව රුසියානු ජනාධිපතිතුමන් මා හට ලිපියක් යොමු කල අතර ඒ ලිපිය පිළිබඳ කරුණු මා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේය.

මාස 3කට පසු රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා නැවතත් අද ආරම්භ විය.එය සංචාරක කේෂ්ත්‍රයටද මහඟු පිටුවහලක් වනු නොඅනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *