මට ගැහුවොත් මමත් ගහනවා. ඒ ගහන්නේ ගහපු විදිය හොයාගන්න බැරි වෙන්න. මට ගහන්න ඇවිත් 2014 උන දේ මතකනේ. ජනාධිපතිලාගේ වියදම් ගැන මගේ ධූරකාලෙ විතරක් නෙමෙයි ඊට කලින් හිටපු ජනාධිපතිලාගේත් හොයන්න. මේ ජනාධිපතිට සංචාර නැතිවුන හේතුව මොකක්ද කියලා කවුරුත් දන්නවා ඇතිනෙ. මගේ ධූර කාලේ මට විදෙස් රටවලින් ආරාධනා ආවා. මම වැය කලේ ජනාධිපති වැය ශීර්ෂය. කුණු අවුස්සගෙන යටට යනකොට කුණු ගඳ වැඩියි. ඒවා අවුස්සගන්නවා නම් අවුස්සගමු. මමත් ලෑස්තියි ඕන දේකට.

කවුරු කවුරුත් මතක තියාගන්න ඕන 2/3 තියෙන්නෙ තනි පක්ෂයක් නිසා නෙමෙයි. හවුල්කාර පක්ෂවල එකමුතුවක්. ඒ නිසා 2/3 ගැන කියවලා ඒකත් නැති කරගන්න එපා.

හයවන විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන2021/11/25 පාර්ලිමේන්තුවේදී…