“බිහිසුණු කොරෝනාව පහව ගිය පසු ජාතියට සෙත් පතමින් උත්තරීතර සඟරුවනට කෙරෙන ගෞරවණීය උපහාරයයි”.

බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සංකල්පයක් මත ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් දෙවන වරට පැවැත්වෙන රාජ්‍ය කඨින මහෝත්සවය මෙවර ඓතිහාසික පඩුවස්නුවර රාජධානිපුරවර “කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානය” පාදක කර ගනිමින් එළඹෙන නොවැම්බර් මස 14 වන දින පැවැත්වීමට සියළු කටයුතු සැලසුම් කර ඇත.

ඒ සදහා වන මූලික වටයේ සාකච්ඡාවක් අද 2021.10.13 වන දින වයඹ පළාත් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.මෙහිදී මෙම රාජ්‍ය මහෝත්සවය සම්බන්ධව සියළු කරුණු කාරණා සාකච්ඡාවට ලක් වූ අතර එය ක්‍රියාත්මක වන පෙළගැස්ම පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡාවට ලක් විය.

මෙම අවස්ථාව සදහා කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෞරවණීය ස්වාමීන් වහන්සේ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරාධිකාරී ගෞරවණීය ස්වාමීන්වහන්සේ ප්‍රධාන කොටගත් මහා සංඝරත්නය,බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්,වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මැතිතුමන්,බෞද්ධ කටයුතු කොමසාරිස්තුමන්,ජනාධිපති ආගමික කටයුතු පිළිබඳ විශේෂ උපදේශකතුමන්,පළාත් ලේකම්තුමන් හා කොමසාරිස්තුමන්, දිස්ත්‍රික් ලේකම්තුමන්,පේෂකර්ම අධ්‍යක්ෂතුමිය හා පඩුවස්නුවර නැගෙනහිර,බටහිර ප්‍රාදේශීය ලේකම්තුමන්ලා,පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

– මාධ්‍ය අංශය –