බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් රට තුළ ආරම්භ කරමින් ඉදිවෙමින් පවතින හෙළ කලා ගම්මානය නිරීක්ෂණය කිරීම

බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් රට තුළ ආරම්භ කරමින්,රටේ ආර්ථික මට්ටම හා දළ දේශීය නිෂ්පාදනය ඉහළට ගෙන ඒමට කටයුතු සිදු කරන අතරතුර, ගමින් ගමට බතික් කළාව,අත්යන්ත්‍ර කළාව ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය ද ඉතාමත් ඉහළින් පවතී.
2021.02.17 දින පුලතිසිපුර බැදිවැව ප්‍රදේශයේ අත්යන්ත්‍ර පුහුණු හා අලෙවි මධ්‍යස්ථානය,ඉදිවෙමින් පවතින හෙළ කලා ගම්මානය නිරීක්ෂණය කරමින් පවතින ගැටළු සහ අඩුපාඩු සොයා බැලූ අතර දීප උයන ආශ්‍රිතව නව වෙළදපලක් ඉදි කිරීමටද එහිදී යෝජනා විය.
මෙම නිරීක්ෂණ චාරිකාව සදහා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමන් ද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *