බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සංකල්පයක් මත දෙවන වරට ක්‍රියාත්මක වන රාජ්‍ය කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයේ සිවුරු විවීම සදහා අවශ්‍ය වන නූල් හා පඬු පෙවීම සදහා අවශ්‍ය වන ඖෂධ මංජුසාව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් වෙත භාර කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් 2021.10.15 වන දින සිදු විය.

ගරු ජනපතිතුමන්ගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ ආශිර්වාදයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ පඬුවස්නුවර රාජධානි පුර, ඵෙතිහාසික කොළඹගම රජමහා විහාරස්ථ පින්බිම කේන්ද්‍ර කරගනිමින් නොවැම්බර් මස 14වන දින මෙම කඨින මහෝත්සවය පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්,ලංකා සළුසල ආයතනයේ සභාපතිතුමන් ඇතුළු පිරිසක් එක් විය.

– මාධ්‍ය අංශය –