පසුගිය දිනවල ගෑස් අනතුරු වලින් 354 කට ආසන්න ප්‍රමාණයක් සිදු වී ඇත්තේ ගෑස් කුකර් මත ඇති වීදුරුව (Tempered Glass) බිදීමෙන්ය. මෙරට එම වීදුරු සහිත ගෑස් කුකර් ආනයන කරුවන් සහ නිෂ්පාදන කරුවන් කැඳවා ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද (12.16) දින පැවැත්වූණි.

විශේෂයෙන්ම මෙහිදි ඉතා කඩිනමින් ගෑස් සිලින්ඩර මෙන්ම ගෑස් භාවිතා කිරීම සඳහා යොදා ගන්නා උපකරණ සඳහා ද කඩිනමින් ප්‍රමිතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දුන් අතර දැනටමත් එය අවසන් අදියරේ පවතින බැවින් ඉතා කෙටිකාලයක් තුල මෙය සකසා නිම කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එකඟතාවයක් දක්වන ලදී.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය සහ ගෑස් කුකර් ආනයන කරුවන් හා නිෂ්පාදන කරුවන් සහභාගී විය.