පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි කාන්තා මූලික පවුල් ඒකක 4ක් සදහා ඉදි කරන ලද නිවාස නිවැසියන්ගේ අතට පත් කිරීම

2021 වසරේ එළඹෙන ලෝක කාන්තා දිනයට සමගාමීව දිළිඳු බවින් තොර සමෘද්ධිමත් පවුල් ඒකකයක් ගොඩනැගීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි කාන්තා මූලික පවුල් ඒකක 4ක් සදහා මූල්‍යමය ආධාර වෙන් කර ඇත.
එම ආධාර මුදල් හා ඔවුන්ගේ කැපවීම මත ඉදි කරන ලද නිවාස නිවැසියන්ගේ අතට පත් කිරීම (27) දින හෙට්ටිපොළ,පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝගොල්ල,වඩුමුන්න,රඹෑව හා පල්ලේගම යන ප්‍රදේශ වලදී සිදු විය.
මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ගුණපාල රත්නසේකර මැතිතුමන්,කුරුණෑගල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය,කුරුණෑගල දිස්ත්‍රික් සමෘද්ධි කළමනාකරණ අධ්‍යක්ෂතුමිය,පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම්තුමන්,පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් හා ප්‍රාදේශීය සභා අපේක්ෂක මහත්ම මහත්මීන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *