ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා දැයෙන් සමුගෙන ගොස් ඇත. සිය ජීවිත ගමනේ 78 වැනි සැතපුම් කණුව ළඟ දී එතුමන් ගේ ජීවිතය ඩැහැගන්නට කොවිඩ් මරුවා සමත් වුවත් , එතුමන්ගෙන් ශ්‍රී ලාංකේය දේශපාලනයටත්, කලාවටත් ඉටුවූ සේවය රන් අකුරින් ලියා තබනු විනා එය කුරුටුගා දමන්නට කිසිදු ජගතෙකුට පුළුවන්කමක් නැත.ඩබ්ලිව්.ඒ.ධර්මසිරි යනු උග්‍ර වාමාංශිකයෙකි. එකල සිටි තවත් උග්‍ර වමාංශිකයෙකු වූ යූ.ඩබ්ලිව් සුමතිපාල මහතා ඔහුගේ මස්සිනාය. ධර්මසිරි මහතාත් සුමතිපාල මහතා ත් අතර තිබුණේ ඉතා සමීප සම්බන්ධයකි . මේ දෙදෙනාම කලාකාමී රසවතුන් වූ අතර එදා වාමාංශික දේශපාලනය වෙනුවෙන් ශ්‍රමයෙන්ද , ධනයෙන්ද මුදල් යෙදවූ නිහඬ විරුවන් දෙදෙනෙකි.පක්ෂයට, පක්ෂ නායකයින්ට පමණක් නොව වාමාංශික දේශපාලනයේ යෙදුනු ලොකු , කුඩා කාටත් ධර්මසිරි මහතා එක ලෙස සැලකීය. ඒ සඳහා ඔහු පරමාදර්ශී චරිතය කරගත්තේ යූ.ඩබ්ලිව් සුමතිපාල මහතාවය. මේ එයට එක් උදාහරණයක් පමණි.ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී වෘත්තිය සමිති නායකයකු වූ ඩී.ජි.විලියම් ( ගෝල්ෆේස් විලියම් ) දේශපාලනේ නිසාම එක්තරා අවස්ථාවක අන්ත අසරණවී සිටියේය. කොටින්ම එදා ඔහුට ඉන්න හිටින්නට තැනක් පවා නොමැති අසරණ තත්ත්වයක් ඇතිවිය. මේ බව දැනගත් ධර්මසිරි මහතා වූ යූ.ඩබ්ලිව්.සුමතිපාල මහතාට තම පක්ෂයේ සාමාජිකයා පත්ව සිටින අසරණ භාවය පැහැදිලි කර දුන්නේය. යූ.ඩබ්ලිව්.සුමතිපාල මහතාද රුපියල් ශත වල අගය නොබැලූ ධානපතියෙකි. මේ දෙදෙනා එක්ව අසරණ ව සිටි වෘත්තීය සමිති නායකයාට පුංචි බොරැල්ලෙන් ගෙයක් අරන් දුන්නේය. නමුත් තමන් කළ දේ ප්‍රසිද්ධ නොකිරීමටත් , තිරය පිටුපස සිට නිහඬව සතුටුවීමටත් දෙදෙනාම පුරුදුවී සිටියහ.1977 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පරාජයට පත්විය. පක්ෂය වටා සිටි බලවතුන්ද , ධානපතියන් ද පක්ෂය හැර යද්දී යූ.ඩබ්ලිව්.සුමතිපාල මහතා පෙරටුකොටගෙන ධර්මසිරි මහතාද පක්ෂයේත් , මැතිනියගේත් ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටියහ. එය ධනයෙන් පමණක් නොව ශ්‍රමයෙන්ද කළ නිහඬ නමුත් , විශාල කැපකිරීම් විය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සුමතිපාල පවුල සහ ඩබ්ලිව්.ඒ.ධර්මසිරි නාමය ගෑවුණු තවත් වැදගත් සිදුවීමක් තිබේ. කොළඹ ඩාර්ලි පාරේ පිහිටා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ” පක්ෂ මූලස්ථානය ” එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් එක්තරා අවස්ථාවක මුද්‍රා තැබීය. එම අවස්ථාවේ පුංචි බොරැල්ලේ සිටි ධර්මසිරි මහතාගේ සහෝදරිය වූ මිලිනා සුමතිපාල ( තිලංග සුමතිපාල මහතාගේ ආදරණීය මෑණියන් ) මහත්මියගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය පුංචි බොරැල්ලේ ස්ථාපනය කිරීමට සුමතිපාල පවුලේ සාමාජිකයන් සමග මූලිකත්වය ගත් අය අතර ධර්මසිරි මහතාද ඉදිරියෙන්ම විය. ධර්මසිරි මහතා හා බැඳුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ තවත් සුවිශේෂී මං සලකුණු රැසක් තිබේ. ජයග්‍රහණ, පරාජයන් සතුටු කඳුළු මෙන්ම දුක් කඳුළුද ඒ අතර වෙයි. හාල්පොත නිසා ධර්මසිරි මහතා සිරගත වීමද ඉන් එකකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපදෙස් පරිදි එදා හාල් පොත මුද්‍රණය කරනු ලැබුවේ සුමතිපාල පවුලට අයත් මුද්රණාලයකිනි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඊට එරෙහිව මුලින්ම සුමතිපාල සතු මුද්‍රණාලයට සීල් තැබුවේය. එපමණකින් නොනැවතුණු ඔවුහු විජය කුමාරතුංග මහතාවත්, ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාවත් සිරභාරයට ගත්තේය. නමුත් ඒ කිසිවකින් මේ අයගේ දේශපාලන හා වාමාංශික අදහස් සිරගතකළ නොහැකි විය. ජේ.ආර්.ජයවර්ධන මහතා පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ දැඩි මර්ධනකාරී පිළිවෙත් හමුවේ වුවද ධර්මසිරි මහතා පෞද්ගලිකව මෙන්ම සාමූහිකවත් පක්ෂය රැක ගැනීමේ ප්‍රබල සටනක නිරත විය. නමුත් ඔහු යූ.ඩබ්ලිව්.සුමතිපාල මහතා මෙන්ම කිසිවිටෙකත් ප්‍රසිද්ධිය හඹා නොගියේය. පක්ෂයට දුන් රුපියලක් ගැන වුවද කිසිවෙකු සමඟ පුරසාරම් දෙඩුවේ නැත. පසු කාලයක විජය කුමාරතුංගයන් සමග එක්ව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කැපී පෙනෙන භූමිකාවක නිරත වුවද වාමාංශික මතවාදයන් වෙනුවෙන් ඔහු සෑම විටම පෙනී සිටියේය.අවුරුදු 17 කට පසු 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ප්රමුඛ ශ්‍රීලංකා නිදහස් පක්ශයට බලය ලබාගැනීමේදී විශාල කාර්යභාර්යක් එවකට ශ්‍රීලංකා නිදහස් පක්ශයේ තරුණ පෙරමුනේ ලේකම්වරයෙකුව සිටි මා හට ධර්මසිරි මහතා කල සේවය තවමත් මා සිතේ රැඳී තිබේ. මේ ලෙසින් බලන කළ ධර්මසිරි මහතාගේ අභාවය ශ්‍රීලංකා නිදහස් පක්ශයටත් ,වාමාංශික දේශපාලනයටත්, සමස්ත ශ්‍රී ලංකාවටත් බලවත් පාඩුවකි. ධනය, බලය හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් වෙනුවෙන් සිය ජීවිතයේ ප්‍රතිපත්ති පාවා නුදුන් මේ නිහඬ මිනිසා හදිසියේම දැයෙන් සමුගෙන යාම කොයි ලෙසින්වත් පිරවිය නොහැකි බලවත් පාඩුවකි. කොවිඩ් 19 නැමැති ඇසට නොපෙනෙන වෛරසයක ඇති මාරාන්තික බව සියලු දෙනාටම පෙන්වා දෙමින් ඔහු සදහටම දෙනෙත් පියා ගත්තද ඔහු විසින් කියා දුන් මනුෂ්‍යත්වය සහ නිරහංකාරකම පිළිබඳ පාඩම කිසිම දිනක අකාමකා දැමිය නොහැකි වටිනා එකකි. මේ සංවේගජනක මොහොතේ අප පක්ශයේ සියලු දෙනාම එක්ව එතුමන්ට නිර්වාන සුවයම ප්‍රාර්ථනා කරමු.