ජාතික විශ්‍රාමික දිනය අදයි…

තමන්ගෙ ජීවිතයේ වැදගත්ම මෙන්ම වටිනා කාලය මව්බිම වෙනුවෙන් කැපකොට ජීවිතයේ සැදැ සමය ගත කරන විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් අද දිනය වෙන් වී ඇත. කායික මෙන්ම මානසික වශයෙන් ශක්තිමත්, තව දුරටත් රාජකාරි ඉටු කලහැකි බොහෝ දෙනෙකුට රාජ්‍ය‍ සේවයේ වයස් සිමාව මත විශ්‍රාම ගැනිමට සිදුවේ. විශ්‍රාමික දිවිය බොහෝ පිරිසක් සතුටින් ගෙවන අතර පිරිසකට එය නීරස වී ඇත. එලෙස සිදු නොවිමට විශ්‍රාම යෑමට පෙර එ පිලිබදව අවධානය යොමුකොට තම විශ්‍රාම දිවිය සැලසුම් කරන්නේ නම් එවැනි ප්‍රශ්න ගැටළුවලට මුහුණ දීමට සිදුනොවේ.එමෙන්ම රාජකාරි දිවියේ තමන් දෑරු පදවි තනතුරු ලැබු වරප්‍රසාද විශ්‍රාම ජීවිතයෙදී අප අපේක්ෂ‍ා නොකල යුතුය. එ පිලිබද අප රටේ ප‍ොලිස් දෙපාර්තතුමේන්තුව පිලිබද ප්‍රසිද්ධ කතිකිවතක් ඇත.විශ්‍රාමික ජිවිතය තම කුඩා දරුවන් රැක බලාගැනීම පමණක් දෙමාපියන්ට පැවරෙන එකම කාර්යබව සැලකෙන දු පුතුන් අද සමාජයේ බහුලව ඇත. සමහරුන් එයට එකග වුවද සමහරුන් එයට එකග නොවනු ඇත. එවැනි විශාල ගැටළු ප්‍රමාණයක් විශ්‍රාමිකයින් හට පැවතියද ‍මා මේ විශ්‍රාමිකයින්ගේ දිනයේ දී දකින සුවිශේෂි ගැටළුවක් ඇත. එනම් විශ්‍රාම වැටුප් විශමතාවයයි. රාජ්‍ය සහ පුද්ගලික යන දෙපිරිසම වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස්විය යුතුය. එ පිලිබදව අද‍ාල බලධ‍ාරින්ගේ අවධානය ඉදිරියේ දී යොමුවේවායි ‍මා දැඩිව අපේක්ෂා කරමි.කලක් ඔබල‍ාමෙන්ම රාජ්‍ය සේවයේ නියලු පුද්ගලයෙකු ලෙස සියළුම ලාංකිය විශ්‍රාමික ඔබ සියළු දෙන‍ාට මේ ජාතික විශ්‍රාමික දිනයේ නිදුක් නිරෝගි වාසනාගුණ සපිරි සුභ විශ්‍රාමික දිවියකට ආසිරි පතමි.

ෂාන් විජයලාල් ද සිල්වා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි.

හිටපු ප්‍රධාන අමාත්‍ය – දකුණු පළාත

හිටපු ආණ්ඩුකාරවර – නැගෙනහිර පළාත