චීන රජය විසින් පොලොන්නරුව දිස්ත්‍රික් ගොවි ජනතාවට හා මා හට සහයෝගය ලබාදිමක් වශයෙන් ගෙවතු පැළ බෙදාදිමේ වැඩසටහනක් දියත් කර ඇත.එහි සමාරම්භක වැඩසටහන අද දින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සිංහ උදාගම ග්‍රාමසේවා වසමේ මාඔය ගම්මානයේදි මාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ චීන තනාපති කී. සෙන්හොංග් මැතිතුමා සහභාගී වූ අතර, පොලොන්නරුව මහනගර සභාවේ නගරාධිපතිතුමන්,පොලොන්නරුව ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන් ඇතුළු ජනතා නියෝජිතයන්,රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් ද සහභාගි විය.

අද දින ආරම්භ කෙරුණු මෙම වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හතම ආවරණය වන පරිදි ක්‍රීයාත්මත කිරිමට සැලසුම් කර ඇති අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සහයෝගය ලබා දුන් චීන ජනාධිපති ෂි ජින්පින් මැතිතුමන්ට සහ ශ්‍රී ලංකාවේ චීන තනාපති කී. සෙන්හොංග් මැතිතුමන්ට මාගේ ගෞරවණිය ස්තුතිය පළකරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *