පසුගිය දිනවලදී වෙළෙඳපොළ තුළ පැවති ගෑස් හිඟය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ ලාෆ්ස් ගෑස් සමාගම විසින් නිෂ්පාදන කටයුතු නතර කිරීමයි. ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩි වූ හේතුවෙන් එයට සාපේක්ෂව අප රටතුළ ගෑස් මිළ වැඩිවීමක් සිදුවීමට තිබූ බැවින් රජය එය ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව ලාෆ්ස් ගෑස් සමාගමට මිල වැඩිවීමක් ලබාදීමෙන් අනතුරුව ගෑස් ආනයනය කර ඊයේ(2021.08.20) දින සිට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කළා යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනුවත්වීමක් කල අතර ඒ අනුව අධිකාරිය විසින් ලබා දුන් වාර්තාවලට අනුව මෙම සමාගම් දෙකෙහිම නිෂ්පාදන කටයුතු සිදු කරන ආකරය පිළිබඳව අද(2021.08.21) දින නිරීක්ෂණ චාරිකාවක් සිදු කළහ.ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළදී වෙළෙඳපොළ තුළ අවශ්‍ය ගෑස් එම සමාගම් විසින් සැපයීමට කටයුතු කරන බව මෙහිදී අනාවරණය විය.
මෙම අවස්ථාව සඳහා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ගරු සභාපතිතුමා, ගෑස් සමාගම්වල සභාපතිතුමන්ලා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය සහ කාර්යමණ්ඩලය සහභාගී විය.