ගම්පහ දිස්ත්‍රික් ණය සහනදායක මණ්ඩලය විවෘත කිරීම සඳහා (12.29) දින සහභාගී වූ අවස්ථාව.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “නීතිය හා සමාජ සාධාරණත්වය” උදෙසා වූ පොරොන්දුව මල්ඵල ගන්වමින් අභිනවයෙන් ගම්පහ දිස්ත්‍රික් ණය සහනදායක මණ්ඩලය විවෘත වූ වගයි.

ඔප්පුවක් මත ඇපයට තබාගත් ණය සම්බන්ධයෙන් හෝ එවැනි ආරක්ෂිත ණයක් සම්බන්ධයෙන් ණය ගැතිවී ඇති මහජනතාව එම ණයගැතිභාවයෙන් මුදවාලීම සඳහා කිසියම් සහනදායී ක්‍රියාමාර්ගයක් සැපයීම ණය සහණදායී මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. ණය ගැතියෙන් ගසා කෑමට ඇති ඉඩකඩ මේ මඟින් අසුරණු ලබයි.

මෙම අවස්ථාව සඳහා අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, මිලාන් ජයතිලක මැතිතුමා, ගම්පහ නගරාධිපති එරංග සේනානායක මැතිතුමා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.