කොළඹ ජාතික ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය මගහැරීම සඳහා ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව සිදු කරන ලේ දන්දීමේ වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන පිළිබඳව zoom තාක්ෂණය භාවිතයෙන් 6 වෙනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සාකච්ඡාවක් පවත්වන ලදී.

එමෙන්ම ප්‍රදේශයේ සිටින ගොවි ජනතාවගේ වී අලෙවි කිරීම පිළිබඳව දීර්ඝ ගැටළු සහ ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී.එමෙන්ම ඊයේ දිනයේදි ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ඉවත් කොට ඇවිදින මං තීරුවක් සකස් කිරීම සම්බන්ධව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මා හට කරුණු වාර්තා කරන ලදී.ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම ‍ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ද එම කාර්යයට විරෝධතාවය තිබෙන බව මෙහිදී කරුණු දැක්වූ අතර හැකි ආකාරයකින් මෙයට මැදිහත් ව බලධාරීන්ගෙන් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට සිදුවන හානිය නවතා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.එහිදී මා සඳහන් කලේ බලධාරීන් සමඟ සාකච්ඡා කර මෙහි සැබෑ තත්වය පිළිබඳව කරුණු විමසා සාධාරණයක් ඉටුකර දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *