කොවිඩ් – 19 වසංගත රෝග තත්වය පාලනය සදහා දිවයින පුරා සංචරණ සීමාවන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ තඹුත්තේගම හා රාජාංගනය ප්‍රාදේශයේ දිළිදු ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීමකට අනුව ව්‍යාපාරික චාමන් ප්‍රදීප් මහතාගේ ධන පරිත්‍යාගයෙන් වියළි සලාක මළු 1000 ක් පවුල් 1000 ක් වෙත බෙදා දීම සිදු කෙරේ.තඹුත්තේගම කුඩාගම ජීවත් සාස්තර කීමෙන් හා නයි නැටවීම ජීවිකාව කර ගත් ජනතාව හා රාජාංගනය සිරිමාපුර, අංගමුව ප්‍රදේශ වල මසුන් ඇල්ලීම හා මසුන් අලෙවියෙන් දිවි ගෙවූ ජනතාව මෙන්ම තඹුත්තේගම ඉපිල්වත්ත හා තේක්කවත්ත මෙන්ම, රාජංගනය යාය 01, යාය 02, යාය 04 හා ආඩියාගල ප්‍රදේශවල දෛනික වැටුප් ලබමින් කුලී වැඩ කළ ජනතාව දින ගණනාවක් සංචරණ සීමා පැනවීම හේතුවෙන් දැඩි අසරණතාවට පත්ව ඇත්තේ ආහාර ද්‍රව්‍ය සපයා ගත නොහැකිවයි.මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සැලවීමෙන් අනතුරුව , අමාත්‍යවරයා තඹුත්තේගම ප්‍රසිද්ධ ව්‍යාපාරික චාමන් ප්‍රදීප් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව වියළි සලාක 1000 ක් එම ගම්මාන වල ජනතාව වෙත (5/30) දින සිටම ලබා දීමට චාමන් මහතා කටයුතු සූදානම් කර ඇති අතර ඒ මහතාගේ නිවසේ වියළි සලාක මලු සකස් කරන අයුරුද අමාත්‍යතුමන්ගේ නිරීක්ෂණයට (5/30) ලක් විය.
කොවිඩ් – 19 වසංගත රෝග තත්වය පාලනය සදහා දිවයින පුරා සංචරණ සීමාවන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ තඹුත්තේගම හා රාජාංගනය ප්‍රාදේශයේ දිළිදු ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම.
- by admin