කොරෝනා රෝගීන් සිටින රෝහල් වෙත බත් පාර්සල් ලබා දීම මිනුවන්ගොඩ බොරගොඩවත්ත සම්මාජීව බෞද්ධ ආශ්‍රමයේ මොරාවත්තේ සුබෝධි නායක හිමියන් විසින් මේ දිනවල සිදු කරනු ලබයි.

ගම්පහ රෝහල වෙත සෑම දිනකම මෙම බත් පාර්සල් ලබා දෙන අතර උන්වහන්සේ කරගෙන යන මෙම මහඟු සත්කාරය සඳහා ලසන්ත අලගියවන්න පදනම මඟින්ද යම්කිසි දායකත්වයක් ලබා දීමටද කටයුතු කරනු ඇත.මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක ලයනල් ජයසිංහ මැතිතුමා, ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් සහ නාගරික මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් සහභාගී විය.උන්වහන්සේ හට මෙම වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *