කෑගල්ල මහ රෝහලට අධික වටිනාකමින් යුත් PCR යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කරන ලදී.

කෑගල්ල මහ රෝහලට covid19 මර්ධන ජාතික වැඩසටහන යටතේ අභිනවයෙන් ඉදිවූ අනූ ජීවක රසායනාගාරය අද දවසේ ජනතා අයිතියට පත් කරන ලදී. මිලියන තිහකට අධික වටිනාකමින් යුත් PCR යන්ත්‍රයක් සහ උපකරණ මෙම රසායනාගාරයේ පර්යේෂණ කටයුතු සඳහා ලබා දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම කටයුතු සිදු කෙරිණ.
මෙම අවස්ථාවට රන්ජිත් සියඹලාපිටිය මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජකා වික්‍රමසිංහ, සබරගමු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ හිටපු සංවිධායක හර්ෂ සියඹලාපිටිය, ප්‍රාදේශීය සභා සභාපති තුමන්ලා , ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා රෝහල් අධ්‍යක්ෂ තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *