කාලිංග මාඝ ආක්‍රමණයේදී තුන්වන විජයබාහු රජු විසින් දන්ත ධාතූන් වහන්සේ කොත්මලේ සිට වැඩම කරවා බෙලිගල පර්වතයේ මාලිගාවක් තනවා ආරක්ෂා කළ බව පුරාවෘත්තයේ සඳහන් වේ.එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව මෙම විහාරස්ථානයේ චෛත්‍යයේ තැන්පත් කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.
එමෙන්ම අද දිලීර රෝගයකට ලක්ව සිටින බෝධීන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස් ඵල ශාඛාවෙන් එක් ශාඛාවක් බවත් එය දෙවන පෑතිස් රජ දවස රෝපණය කළ බව සඳහන්ය.අද දිලීර රෝගී තත්ත්වයකට මුහුණ දී සිටින බෝධීන් වහන්සේගේ රෝගයට පිළියම් යෙදා මතු පරපුරට ආරක්ෂා කර ගැනීමේ අරමුණැතිව පෙරාදෙනිය උද්භිත උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අත්තනායක මහත්මිය සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමඟ බෝධීන් වහන්සේ නිරීක්ෂණය කළෙමි.
28/09/2021