කමිටු රැස්වීම් බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී හා උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී

රටම වෙලාගෙන සිටින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරමින් මෙරටින් තුරන් කිරීම සදහා දිවා රෑ නොබලා කටයුතු කරන සෞඛ්‍යය අංශය , ආරක්ෂක අංශය වගේම සියලුම රාජ්‍ය නිළධාරීන් සදහා පුරවැසියන් වන අප හැකි උපරිමයෙන්ම දායකත්වය ලබා දිය යුතුය.
ඒ සදහා බිංගිරිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වන ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් ප්‍රමුඛත්වය ගෙන 2021.05.06 වන දින බිංගිරිය ආසනය තුළ පවතින සෞඛ්‍යය තත්ත්වය පිළිබදව සොයාබලා කටයුතු කළ අතර, දැනට ක්‍රියාත්මක වන බිංගිරිය කොරෝනා රෝගීන් රැදවුම් මධ්‍යස්ථානයෙහි පවතින තත්ත්වය පිළිබදව ද විශේෂයෙන්ම සොයාබැලීමට කටයුතු කලේය.
මෙම කමිටු රැස්වීම් බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී හා උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පැවති අතර මේ සදහා අතිගෞරවණීය බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බිංගිරිය ආසන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සෝමසිරි ගුණතිලක මැතිතුමන් ඇතුළු සෞඛ්‍යය අංශය ,ආරක්ෂක අංශය, නියෝජනය කරමින් රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *