එක් දිනක්තුල අම්බලන්ගොඩ ආසනය පුරා පැවැත්වූ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන ලෙස බටපොල අංක 1 බලමණ්ඩලයේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන බටපොල පොල්ලැව්ව ඩෙල්ටා කඩය අසල යූ.ඩබ්. සරත්චන්ද්‍ර මහතාගේ නිවසේදී පැවැත්වූ අවස්ථාව ..

එම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකතුමන්ලා, දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා ඇතුළු පක්ෂයේ අනුබද්ධ සංවිධාන නිලධාරි සහ පක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් සහභාගි වූහ …

මහ ගෙදර ඔබට යලිත් විවෘතයි. යන තේමාවෙන් ඇරඹී මෙම වැඩසටහන් මාලාව , වසර 70ක් පුරා අප මව්බිමට අනුපමේය සේවාවක් ඉටුකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ටික කලකට අපෙන් ඈත් වූ සාමාජිකයන් මෙන්ම නව සමාජිකයන්ද විශාල උනන්දුවකින් පක්ෂ සමාජිකත්වය ලබාගැනීමට එක්වී සිටියහ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉරහද පවතින තුරු මව්බිමේ පවතින පක්ෂයයි .