99 වන ජාත්‍යන්තර සමූපකාර දින අභිමානවත් සැමරුමට සමගාමීව 2021 පළාත් කාර්ය සාධන තරඟාවලියේ උතුරු මැද පළාත් සමූපකාර සමිති කාර්යසාධන ඇගයීම් උළෙල (01.23) දින උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර ධූරන්දර මහීපාල හේරත් මැතිතුමා, අප අමාත්‍යාංශයේ නිලධාරීන්, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමා, උතුරු මැද පළාත් සමූපකාර කොමසාරිස්තුමා, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුලු උතුරු මැද පළාත් සමූපකාර සමිති නියෝජිතයින් සහභාගී විය.