ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන වැඩසටහන් මාලාව යටතේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සංවිධානය සහ තරුණ සංවිධානය පිහිටුවීම පක්ෂයේ මහ ලේකම් ගරු දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකතුමන්ලා සහ කාන්තා,තරුණ ආසන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා (08) පක්ෂ මූලස්ථානයේදී සිදුවිය.
එහිදී පැවති නිළවරණයෙන් කාන්තා සංවිධානයේ සභාපති ධූරය සඳහා තේරී පත් වූ මහරගම නාගරික මන්ත්‍රී චන්ද්‍රිකා සොයිසා මහත්මියට, ලේකම් ධූරය සඳහා තේරී පත්වූ හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීලකාන්ති සමරවික්‍රම මහත්මියට සහ භාණ්ඩාගාරික ධූරය සඳහා තේරී පත්වූ කඩුවෙල නාගරික මන්ත්‍රී කුමාරි පතිරගේ මහත්මිය ඇතුළු කාන්තා සංවිධානය සදහා පත්වූ සියලුම නිළධාරී මණ්ඩලයටත් ,තරුණ සංවිධානයේ සභාපති ධූරය සඳහා තේරී පත්වූ බොරලැස්ගමුව නාගරික මන්ත්‍රී නීතිඥ විශ්ව අලුත්ගේ මහතාට , ලේකම් ධූරය සඳහා තේරී පත්වූ අවිස්සාවේල්ල ආසනයේ නීතිඥ රවීන්ද්‍ර ජයවර්ධන මහතාට මෙන්ම භාණ්ඩාගාරික ධූරය සඳහා තේරී පත්වූ කොලොන්නාව ආසනයේ රොෂාන් රුබේරු මහතා ඇතුළු තරුණ සංවිධානයේ සියලුම නිළධාරීන් වෙත මාගේ උණුසුම් සුභ පැතුම් මෙසේ එක්කර සිටිමි. එසේම පිහිටුවාගත් සංවිධාන දෙකෙහි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයිද ප්‍රාර්ථනය කර සිටිමි…!