අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 08 ක් ඔක්. 21. විවෘත කිරීමට නියමිතය.

එම පාසල් පිරිසිදු කිරීම හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් අද දින අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය , ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , අලව්ව , පොල්ගහවෙල , බෝයවලාන , පොලිස්ථානවල ස්ථානාධිපති වරැන් , විදුහල්පතිවරැන් , මහජන නියෝජිතයින් , අලව්ව ප්‍රාදේශීය ලේකම්තුමිය අතුලු නිලධාරීන් රැසක් සහභාගි වූහ.