“අයං වස්සාන කාලෝ” ඓතිහාසික කොළඹගම රජමහා විහාරස්ථානය පාදක කර ගනිමින් මෙවර පැවැත්වෙන රාජ්‍ය කඨින මහෝත්සවයෙහි අපේක්ෂිත වැඩසටහන් හා කාර්යය පැවරුම් ක්‍රියාවලිය 2021.10.18 දින බතික්,අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය නීතීඳ දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹගම රජමහා විහාරයේ දී පැවැත්විය.

සමස්ථ ජාතියටම සෙත් පතමින් නොවැම්බර් මස 14වන දින ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් යුතුව මෙම කඨින මහෝත්සවය පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සදහා කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්වහන්සේ හා කොළඹගම රජමහා විහාරාධිකාරී ස්වාමීන්වහන්සේ ඇතුළුකොටගත් ගෞරවණීය මහා සංඝරත්නය,කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මැතිතුමන්,කුරුණෑගල නගරාධිපතිතුමන්,මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ පෞද්ගලික ලේකම්,බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්,බෞද්ධ කටයුතු කොමසාරිස්තුමන්,පේෂකර්ම අධ්‍යක්ෂතුමිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගී විය.