අපේ රට වසර 71 ක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් පවත්වාගෙන යාම සම්බන්ධව අපි ඇතුළු රට පාලනය කළ හැම කෙනෙක්ම වගකිව යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමරු වැඩසටහනකට සහභාගි වෙමින් ප්‍රකාශ කරන ලදී. පරිසරයේ උරුමක්කාරයෝ අපේ දරුවෝය යන තේමාව යටතේ මෙම සමරු උත්සවය පැවැත්විණි. එහිදී පාසැල් දරුවන් සඳහා ත්‍යාග හා රෝපණය සඳහා පැළ පිරිනැමීම ද සිදු කෙරිණි.

පරිසරයේ උරුමක්කාරයෝ දරුවෝය යන තේමාව යටතේ මෙම වැඩසටහන සකස් කරනු ලැබුවේ පරිසරයේ ඇති වටිනාකම වර්තමානයේ ජීවත්වෙන දෙමව්පියන්ට වඩා දරුවන් අවබෝධ කරගෙන සිටින නිසා බව අමාත්‍යතුමන් මෙහිදී පැවසූ අමාත්‍යවරයා අතින් දරුවන් වෙත ත්‍යාග පිරිනැමිණි. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. ආර්. ආර්. බාලසූරිය, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ද සහභාගි වූහ. කොළඹ විසාකා, බත්තරමුල්ල සුභූති හා මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසැලේ දරුවන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

#MahindaAmaraweera #MinistryOfEnvironmentSL #Sustainability #Environment #SriLanka