අපේ දරුවන්ගේ අනාගතය සවිමත් කිරීමේ අරමුණින්ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කරන i am Japanව්‍යාපෘතිය යටතේ මාගේ යෝජනාවකට අනුව කෑගලු දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හට ජපන් රාජ්‍යයේ රැකියා අවස්ථා පිළිබඳ මූලික දැනුවත් කිරීම පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රුවන්වැල්ලේ දී සහ වට්ටාරම දී සිදු කරන ලදී..

එහි දෙවන අදියර යටතේ ජපන් රැකියා අවස්ථා සඳහා අයදුම් කරන තරුණ තරුණියන් ගේ ශාරීරික යෝග්‍යතාවය පරික්ෂා කිරීම සහ යෝග්‍යතාවය සකස් කර ගන්නා අන්දම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් අද රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත් විණ.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (මානව සම්පත්) රසික ජයසිංහ මහතා සහ පුහුණු කළමනාකරු සිසිර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.නිසි දැනුවත් වීමකින් සවිමත්ව අපේ දරුවන් රැකියා මගට යොමු කිරීම මෙහි මූලික අරමුණ වනු ඇත..

#සියඹලාපිටියදැක්මෙන්#ඉදිරියට 14/01/2022