අනුරාධපුර අටමස්ථානය ඇතුළු විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලාගේ සුව දුක් විමසා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අද (17) කටයුතු කළහ.

අටමස්ථානයට අයත් ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය, ථූපාරාමය, ලංකාරාමය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනාරාමය මෙන්ම ජයන්ති විහාරය, ඉසු⁣රුමුණිය, කුට්ටම් පොකුණ, වෙහෙර බැන්ද කුටිය විහාරය, වීරසේකරාරාමය, සිරි ස⁣ගබෝ භාවනා මධ්‍යස්ථානය ආදී විහාරස්ථාන වෙත ගොස් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා බැහැ දැක උන්වහන්සේලාගේ සුව දුක් විමසා සිටියහ.

එහිදී පවතින කොරෝනා වසංගත තත්වයත් සමග අඩාල වූ ජන ජිවිත යථා තත්වය පත් කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මහා සංඝරත්නය සමග අමාත්‍යයවරයා එහිදී සාකච්ජා කරනු ලැබීය.