අනාගත කාන්තා නායිකාවන් සවිබල ගන්වන වැඩසටහනක්

ශ්‍රී ලංකා පළාත් පළාත් පාලන ආයතනයන්ගේ සංසදය සහ කැනේඩියානු පළාත් පාලන ආයතනයන්ගේ සංසදය ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ සමග එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂිත කාන්තාවන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඉතා සාර්ථක ලෙස පැවැත්විණ.

දිවයින පුරා සංවිධානය කර ඇති වැඩමුළු ගණනාවක පළමුවැන්න ලෙස මෙය සංවිධානය වූ අතර, මෙහි සමාරම්භක අවස්ථාවට හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වීය.

අද රටේ ජනගහනයෙන් සියයට 53 ක පමණ ප්‍රතිශතයක් කාන්තාවන් නියෝජනය කරන බව කී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන නායකයන් තෝරා ගැනීමේදී මෙන්ම, දේශපාලනයට පිවිසීමේදීද කාන්තා භූමිකාව අද ඉතා වැදගත් සාධකයක් වී ඇති බව පෙන්වා දුන්හ.

පළාත් පාලන ආයතනයන් සඳහා කාන්තාවන් වෙනුවෙන් සියයට 25ක කෝටාව ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පුමුබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් බව මතක්කර දෙමින් මා පැමිණ සිටි සමස්ත කාන්තා නායිකාවන් අමතා ප්‍රකාශ කර සිටියේ, සමාජය සුමගට ගැනීමේ කර්තව්‍යය මෙන්ම යහපත් සමාජ පරිවර්ථනයකට නායකත්වය දීමේ මහඟු වගකීමද අන් අයට සාපේෂව ස්භාව ධර්මයා විසින් කාන්තාවන්ට වැඩි වශයෙන් පවරා දී ඇති බවය. වැඩසටහනට සහභාගි වූ ⁣දැනට දේශපාලනයේ නිරත සහ අනාගතයේ දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවන සියලු දෙනාට වැඩමුළුව අවසානයේ වටිනා සහතික පත්‍රයක් ලබාදීමද සිදුවිය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, කැස්බෑව ආසන සංවිධායක ගාමිණී සිල්වා, කඩුවෙල ආසන සංවිධායක හෙක්ටර් බෙත්මගේ, දෙහිවල ආසන සංවිධායක කීර්ති උඩවත්ත, කෝට්ටේ ආසන සංවිධායක ජනක රණවක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ යන මහත්වරු මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණේ ප්‍රධාන ලේකම් චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය මෙන්ම ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ති ගුණසේකර මහත්මියද සහභාගි වූහ.

මෙම වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ එක් එක් ආසනයෙන් කාන්තා මන්ත්‍රීවරියන්, කාන්තා සංවිධානයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික සමග ඉදිරියේදී පළාත් පාලන ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂිත කාන්තාවන් කිහිප දෙනෙකුද සහභාගි කරවන ලෙස මා විසින් ආසන සංවිධායක තුමන්ලා දැනුවත් කර තිබූ අතර, ඒ අනුව විශාල කාන්තා නියෝජනයක් ලැබී තිබුණු බැවින් ඉතා සාර්ථක සහ හරවත් වැඩසටහනක් සංවිධානය කිරීමට අප සියලු දෙනාට හැකියාව ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *