සතොස මඟින් ලබා දෙන රු. 1000 ක සහන මල්ල ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලොරි රථ 16 කින් බෙදා හැරීම නිල වශයෙන් ආරම්භ කිරීමට සහභාගී වූ අවස්ථාව.

සතොස මඟින් ලබා දෙන රු. 1000 ක සහන මල්ල අද දින (06.04) ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලොරි රථ 16 කින් බෙදා හැරීම නිල වශයෙන් ආරම්භ කිරීමට සහභාගී වූ අවස්ථාව.ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව සතොස මඟින් ක්‍රියාත්මක කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් රු. 1000 ක සහන මල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක් කර ඇති හා හුදකලා කරන ලද ප්‍රදේශ වල පවුල් සඳහා ලොරි රථ 16 ක් මඟින් බෙදා හැරීම අද දින ආරම්භ විය. ඉදිරි දිනවලදීත් මෙම ජංගම සේවය ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.මෙම අවස්ථාව සඳහා ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගරු සභාපතිතුමා, ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *