ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති

ඔබගේ බෙදාගැනීම සඳහා!

මෛත්‍රීපාල සිරිසේනයන්ගේ ගමන් මග…
1951 සැප්තැම්බර් 02 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපත ලබා පැය කිහිපයකට පසු, සැප්තැම්බර් 03 වන දින මෛත්‍රීපාල සිරිසේනයන්ගේ උපත සිදු වීම දෛවෝපගත සිදුවීමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෛත්‍රීත් වෙන්කළ නොහැකි නිවුන් සහෝදරයන් බඳුය. ඒ අනුව මෛත්‍රී, උපතේදීම දේශපාලන උරුමයක් ලද අයෙකි.

පොලොන්නරුව ලක්ෂඋයන විදුහලේ සාමාන්‍ය පෙළ හදාරමින් සිටියදී 16 වන වියේදී කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ “කම්කරුවා ” පුවත්පත පරිශීලනය කිරීමෙන් දේශපාලන හැඟීම් පුබුදුවා ගැනීමට කටයුතු කළේය. පාසල් සිසුවෙකු ව සිටියදීම සක්‍රීයව කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීම කැපී පෙනෙන සිදුවීමකි. වාමාංශික දේෂපාලනයෙන් තම දේශපාලන පන්නරය ලැබූ ඔහු 1967 අගෝස්තු මාසයේදී පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම් වරයා හැටියට දේශපාලනයට අවතීරණය වීමේ අත්පොත් තැබීම විශේෂ සිදුවීමකි.

අන්තර්ජාතික ඇගයීම

ප්‍රසිද්ධ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත සකස් කර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. මුළු සමාජයටම මහත් ව්‍යසනයක් වී ඇති දුම්බීම තුරන් කරලීම සඳහා සිගරැට් පැකට්ටු වල රූපමය අවවාද ප්‍රචාරය කිරීම. මේ සඳහා උසාවිය තුළත් උසාවියෙන් පිටතදීත් විශාල අරගලයක් සිදු කිරීමෙන් පසුව 2015 ජනවාරි සිට රූපමය අවවාද සිගරැට් පැකට්ටුවල මුද්‍රණය කිරීම සඳහා අධිකරණ විසින් තීන්දුව ලබා දී ඇත. දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන කෙළින්ම රජයට මිළදී ගැනීම සඳහා කටයුතු කිරීම. රජයන් අතර ඖෂධ මිළදී ගැනීම සඳහා අතරමැදියන්ගෙන් තොරව සෘජුව අනෙක් රටවල රජයන් වලින් ඖෂධ මිලදී ගැනීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ආරම්භ කිරීම. මෙහි ප්‍රථම පියවර ලෙස බංගලාදේශ රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි භාවිතය දුරුකර ලීම සඳහා කරන ලද අනූපමය සේවය වෙනුවෙන් 2013 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සම්මානයෙන් පුදනු ලැබීය. හාර්වඩ් විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලැබූ 2013 කළමනාකරන විශිෂ්ඨතා ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබීය.

-

Twitter