presedent-mathala

විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීමට ‌මෙය සුදුසු ‌වෙලාව ‌නොවේ. ජනපති මාතලේ සම්මේලනයේදි පවසයි.

Sep 21 2019
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා ඉකුත්දා  විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාව මත වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටී.

එය තමාගේ උවමනාව මත සිදුවූවක් බවට අගමැතිවරයා මාධ්‍ය වෙත කල ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය වන බවද අද (21) පස්වරුවේ නාඋලදී  පවතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ජනපතිවරයා සඳහන් කළේය .

විධායක ජනපති ක්‍රමය  අහෝසිකිරීමට තමා එකඟ නමුත් එය මේ අවස්ථාවේ සිදුකිරීම සුදුසු නොවන බවද ජනපතිවරයා මෙහිදී පැවසීය .

විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්තාවක මෙවැනි යෝජනාවක් ගෙන ඒම විහිලුවට කාරණයක් වන බවද ජනපතිවරයා පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසීය .

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක්  කැඳවුයේ අගමැතිවරයාගේ උවමනාවටයි..

අගමැතිවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිප්පත් කිරීමත් සමගම   චම්පක  රණවක , මනෝ ගනේෂන්  ,හරීන් ප්‍රනාන්දු , මලික් සමරවික්‍රම ඇතුළු    එඑක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන් ඊට විරෝධය දැක්වුවා . ඒ සමගම කැබිනට් රැස්වීම යුධ පිටියක් වුනා ,

ඔබලාගේ පක්ෂයේ ප්‍රශ්න ඔබලාම විසඳා ගන්න යයි කියා මා කැබිනට් රැස්වීම අවසන් කර පිටව ගියා .

මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක නීතීඥ  ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා විසින් සංවිධානය කල මෙම සම්මේලනය සඳහා පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර , ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා , ඇතුළු ශ්‍රීලනිපයේ ප්‍රධානීන් රැසක් සහභාගිවී සිටියහ

Related Posts