රටට විරුද්ධව කිසිදු ගිවිසුමකට එක්වන්නෙ නෑ ජනපති පවසයි

Sep 29 2019
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි අවස්ථාවක අනාථ වීමට ඉඩ නොදෙන බවශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය ආමන්ත්‍රණය කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ එළඹෙන මැතිවරණයේ තිරණාත්මක බලවේගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොමැතිව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ට ජයග්‍රහනය කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට එක්වූශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ,රනිල් වික්‍රමසිංහ සමග පැවතියේ දේශපාලන මත ගැටුමක් බවත් තමන් බණ්ඩාරනායක චින්තනය අනුව රටට නිවැරදි ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමග කිරීමට නොහැකි තත්ත්වය තුළ ඔහු ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් කළ බවත්, රටට විරුද්ධව කිසිදු ගිවිසුමකට තමන් එළඹීමට කටයුතු නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.