83046771_3051700844842641_8945674771643760640_o

ශ්‍රී ලංකාවේ සියලුම මගී ප්‍රවාහණ ත්‍රිරෝද රථ නියාමනය සදහා ජාතික ත්‍රිරෝදරථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරන ලෙස එම සංගම්වලින් ඉල්ලීමක්

Jan 17 2020
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ශ්‍රි ලංකාවේ මගී ප්‍රවාහණ කටයුතු සඳහා නිරතව සිටින වෘත්තිමය ත්‍රිරෝද රථ නියාමණය කරලීම සඳහා පලාත් මට්ටමින් ත්‍රිරෝද රථ නියාමණය කිරීමේ අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා ලෙස එම වෘත්තියයෙහි යෙදී සිටින සංගම්වල නියෝජිතයෝ ඉල්ලීමක් කලේය
ඒ යටතේ පළාත් මට්ටමින් ත්‍රිරෝද රථ නියාමණ අධිකාරියක් පිහිටුවීම, ත්‍රිරෝද රථ රියදුරන්ගේ අදහස් යෝජනා හා ඔවුන්ගේ අභිලාශය පරිදි නිල ඇඳුමක් සකස් කිරීම, දැනට පවත්වාගෙන යන ලීසිං ප්‍රතිශතය වැඩි නොකර එම මට්ටමින්ම පවත්වාගෙන යාම මෙන්ම මෙම වෘත්තියෙහි නිරත වන වෙනත් පුද්ගලයින් හා ආයතන හඳුනාගෙන පූර්ණ කාලීනව ත්‍රිරෝද රථ වෘත්තිකයින් ලියාපදිංචි කිරීම සඳහා පියවර ගැනීම මෙන්ම ත්‍රිරෝද රථ පැදවීම සඳහා වයස් මට්ටමක් තීරණය කිරීම වැනි සාධනීය කරුණු රැසක් ඉදිරිපත්වී තිබෙනවා.
දැනට අප රටේ ත්‍රිරෝද රථ ලක්ෂ 12ක් ලියාපදිංචි කර ඇතත්, ත්‍රිරෝද රථ ධාවනය මගී ප්‍රවාහන සේවාවක් වශයෙන් පවත්වාගෙන යන්නේ රථ 800000ක් පමණි. එම පවුල්වල ලක්ෂ 30ක් ජීවත් වන්නේ ඉන් ලැබෙන ආදායමෙන් බවත් ත්‍රිරෝද රථ වෘත්තිකයින් පවසයි.
ත්‍රිරෝද රථ රියදුරන් වෙත බලහත්කාරයෙන් කිසිදු තීරණයක් පැටවීමට අදහස් නොකරණ අතර ඔවුන්ගේ ඉල්ලීම පරිදි අදාල තීරණ ගන්න බලාපොරොත්තුවෙනවා. ඉහළ ආදායමක් ලැබිය හැකි ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදී සිටින ඇතැම් අය විනය විරෝධීව මෙන්ම නොහික්මුණු ලෙස හැසිරෙන අවස්ථා නිසා එම වෘත්තියේ ගරුත්වය කෙළෙසන බැවින් එවැන අය ඉවත්කොට යහපත් පෞද්ගලික ප්‍රවාහන කොට්ඨාසයක් ලෙස දියුණු කිරීමට බලාපොරොත්තුවෙනවා.

Related Posts

Leave us a comment