slfp-may1st-2020

පංච මහා බලවේගයන්ගේ අයිතින් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරට

May 01 2020
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය පෙරටු කරගෙන අපගේ දේශයේ නිදහස සහ අභිමානය වෙනුවෙන් කැප වූ සහ ඒ මතින් සුවිසල් ජයග්‍රහණ අත්පත් කරගත් අභිමානවත් අතීතයක් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබේ .

රාජ්‍ය ව්‍යවසායයෙහි ප්‍රමුඛතාව පිළිගැනීම, පෞද්ගලික බස් ව්‍යාපාරය ජනසතු කර ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීම, කුඔුරු පනත සම්මත කිරීම, කොළඔ වරාය ජනසතු කිරීම, සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි 1 වැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙසින් නම් කිරීම, කම්කරුවන් අසීරුතාවට පත් කළ අණ පනත් සංශෝධනය කිරීම වැනි අති මහත් කාර්යයන් සමුදායක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුල් වී ඉටු කෙරිණි.

සඟ, වෙද, ගුරු බලවේග සමඟ ගොවි, කම්කරු බලවේග එක් කිරීමෙන් සනිටුහන් කෙරුණේ ජාතික සහ වාමාංශික බලවේගයන්ගේ සුසංයෝගයයි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් අපගේ ජාතියට දායාද කර දුන් උරුමයයි. අපි ඉදිරියට ද ඒ වෙනුවෙන් කැපවෙමු.

සමස්ත ශ්‍රී ලාංකිය ජනතාව වෙනුවෙන් කැපවෙන ජාතිකවාදී ගමනක් වෙනුවෙන් ඉදිරියට ද අපි අපගේ නායකත්වය සපයමු!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගරු මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර.

Related Posts

Leave us a comment