00042.MTS_snapshot_00.40.310

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තුමා පවසයි

Oct 10 2019
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

පාක්ෂිකයන් සහ පක්ෂය ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමට එළඹි  බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ගරු මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. ඒතුමා මේ බව ප්‍රකාශ කර සිටි‌යේ අද පෙරවරුවේ පදනම් ආයතනයේ පැවැති අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  මහ ලේකම් තුමා ප්‍රකාශ කරසිටියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවීමෙන් කටයුතු කරන බවයි.

Related Posts