swrd-121

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 121 වැනි ජන්ම දින සැමරුම අදයි.

Jan 08 2020
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 121 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ, ගාලුමුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියස දී (08-01-2020) අද පෙරවරුවේ ජන්ම දින සැමරුම් උත්සවය පැවැතිය.

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ෙමම සැමරුම් උත්සවය පැවැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ගරු දයාසිරි ජයසේකර මහතා විසින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට මල්දමක් පළඳවා පුෂ්පෝපහාර පුද කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති තුමන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියස මල් කළඹක් තබා සිය ආචාරය පිරිනැමීය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. එතුමාගේ ජීවිතය ගැන අධ්‍යයනය කරන පිරිසක් අද අපේ රටේ ඉන්නවා. 1951 වසරේ දී ඒ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉවතට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළ දවසේ සිට මේ රටේ වාමාංශික ප්‍රගතිශීලී ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා එතුමා අරගෙන ගිය ක්‍රියාදාමය අපේ ජීවිතවලට, දේශපාලඥයන්ට, අනාගත පරපුරට විශාල අත්දැකීම් සමුදායක් උරුමකර දී තිබෙනවා. එදා තිබුණ ලිබරල්වාදයෙන් ඉගෙන ගත්, සමාජවාදයෙන් ඉගෙන ගත් පාඩම් සමඟ අන්ත දෙක මැදින් යාහැකි මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්ත ජාතිකවාදී, ස්වදේශකවාදී ව්‍යාපාරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ආරම්භ කළා. ලිබරල්වාදයෙන් ගන්නට හැකි ප්‍රජාතන්ත්‍රවාදය වගේම මිනිස් අයිතිවාසිකම් එතුමා අපේ දර්ශනයට ඇතුළත් කළා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  නැදගමුවේ විජය මෛත්‍රී නාහිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ගරු මහින්ද අමරවීර මහතා, ගරු ලසන්ත අලගියවන්න මහතා, ගරු දුමින්ද දිසානායක මහතා, ගරු තිලංග සුමතිපාල මහතා, යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Posts

Leave us a comment