Dayasiri-Jayasekara-Rathnapura-Live_01.mp4_snapshot_00.15.783

අපි වළං හෝදන්න සූදානම් නෑ

Sep 15 2019
(0) Comments
  • Facebook
  • Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සම්මේලනය අතිගරු ජනාධිපති ‌ම‌ෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද 15/09/2019 රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට අතිවිශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපති ම‌ෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ රට දිනවන වැඩපිළිවෙලකට පක්ෂය මෙහෙයවන  බවත් නිදහස් පක්ෂය නොමැතිව කිසිදු අවස්ථාවක මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන බව ඒතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා, ප්‍රකාශ කලේ අපි එකතු වෙන්න සූදානම්  හැබැයි ගෙවල්වල වළං හෝදන්න අපි සූදානම් නෑ අතිගරු ජනාධිපතිතුමාත් එක්ක ඒකට වාඩිවෙලා අපි නිවැරදි ලෙස කටයුතු කරන්න සූදානම්.

මහින්ද අමරවීර, නිමල් සිරිපාල සිල්ව,  අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරුද මෙම අවස්ථාව මන්ත්‍රණය කළේය.

15/09/2019 රත්නපුර

Related Posts