ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා

Aug 03 2019
(0) Comments
  • Posted by: admin
  • Posted in
  • Tags:
Posted 11 months ago by admin
100 views

ගරු මෛත්‍රීපාල සිරිසේන (ඉංග්‍රීසි: Maithripala Sirisena) (උපත 1951 සැප්තැම්බර් 3) ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හත්වන හා වත්මන් ජනාධිපති වරයා ද වෙයි. ඔහු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ “පොදු අපේක්ෂක” ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.

You may also like