ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයෙ 08/01/2021 ගරු රන්ජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පවත්වන ලදී. ඉදිරි මැතිවරණයට මුහුණදීම පවතින ගැටලු පිළිබඳ විසදුම් සෙවීම ආදී බොහෝ කරුණු කාරණාවන් රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක තිලංග සුමතිපාල මැතිතුමා ඇතුළු කොළඹ දිස්ත්‍රික්කෙය් සියලුම ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් සහභාගී විය. මෙම අවස්ථාවේදී මහරගම නගර සභාවේ නගරාධිපති තුමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කිරීම සුවිශේෂී අවස්ථාවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *