එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරනවා

Oct 20 2019
(0) Comments
  • Posted by: admin
  • Posted in
  • Tags:
Posted 3 months ago by admin
214 views

ඔබගේ බෙදාගැනීම සඳහා!

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළ ද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කෙරුණු අතර එම නඩු තීන්දුවට තමාට හිස නැමීමට සිදුවන බවත් යම් හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එම නඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර මේ රටේ තාරුණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (20) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනිි.